(රංජිත් රාජපක්ෂ)
දිඹුල යදන්සයිඩි වතුයායේ පදිංචි පුද්ගලයකු සිය බිරිඳ අනියම් පෙම්වතා සමඟ සිටිනු දැක ඔහුට උදැල්ලකින් ඔලුවට පහරදි ඝාතනය කර බිරිඳටද පහර දී තුවාල කර පොලිසියට භාර වී ඇතැයි පොලීසිය කියයි.
කොළඹ ප‍්‍රදේශයේ කුලි රැකියාවක නිරතව සිටින සැකකරු බිරිදට නොදන්වා නිවසට පැමිණ ඇති අතර එහිදි බිරිද නිවසේ නොසිටි නිසා සිය මවගෙන් සහ දරුවන්ගේ බිරිද පිළිබඳව විමසා ඇති අතර එහිදි දරුවන් සහ සිය මව පවසා ඇත්තේ ඇය නිවසේ නොමැති බවයි.
අනතුරුව බිරිඳ සෙවීමේදී අනියම් පෙම්වතා යැයි සැක කෙරෙන පුද්ගලයා සමඟ ඇය කතා කරමින් සිටිනු දැක ඔහුට උදැල්ලෙන් පහර දි ඝාතනය කර බිරිඳටද තුවාල සිදු කර ගොස් පොලියට බාර වී ඇත.
දිඹුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.