(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඇඳිරි නීතිය පැවතියදී කහතුඩුව පොලිස් වසමේ කළ හදිසි පරීක්ෂාවකදී වසර එකහමාරක් සිර දඬුවමක් නියමව බන්ධනාගාරගතව සිටියදී ඉන් පලාවිත් සැඟව සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසයි.
සැකකරු බන්ධනාගාරයෙන් පලාවිත් පිළියන්දල, කළුතර, පානදුර, වාද්දුව යන ප්‍රදේශවල ආපනශාලාවල කෝකියකු ලෙස සේවය කර ඇතැයි ද පොලිසිය කියයි.
ඇඳිරි නීතිය පැවතියදී සැකකරු කහතුඩුව ප්‍රදේශයේ ගමන්කරමින් සිටියදී අධිවේගී පිවිසුම අසළ යොදා තිබූ මාර්ග බාධකයේදී පොලිසිය අත්අංඩගුවට ගෙන ඇත.
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයේ කළ දේපල කොල්ලකෑම් රැසක් සම්බන්ධයෙන් වරදකරු වී ඔහු බන්ධනාගාර ගතව සිට ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු වාද්දුව මොල්ලිගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බන්ධනාගාරයෙන් පලා ආ සැකකරුවකු අල්ලයි