IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ලේ 993ක් අවතැන්

(ප්‍රසන්න පත්මසිරි)
 

වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 298 ක පුද්ගලයින්  993 ක් අවතැන්ව සිටින බවත් පවුල් 100ක් කඳවුරු තුනක රඳවා සිටින බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය.

අවතැන්වූ පවුල්වල සාමාජිකයින් ලුණුගල ගල්උල්ල දෙමළ විදුහල, හාලිඇල මොරගොල්ල විදුහල සහ ඇල්ල දෙමළ විදුහලේ තාවකාලික කඳවුරුවල රඳවා තිබේ.

ආපදාවලට ලක්වු තිදෙනෙකු තුවාල ලබා සිටින බවද උදයකුමාර මහතා කියයි.

කඳවුරු සිටින අවතැන්වුවන්ට අවශ්‍ය සියලුම සේවාවන් ලබාදීමට පොලීසිය, යුද හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු රජයේ ආයතන කටයුතු කර තිබේ.

ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ රාජා කොල්ලුරේ මහතා අවතැන් පිරිස් සිටින කඳවුරුවලට ගොස් අවශ්‍යතා සොයාබලා අවතැන් පිරිස්වලට රජයෙන් ලැබිය යුතු සේවාවන් කඩිනමින් ලබාදෙන්නැයි නිලධාරීන්ට උපදෙස් දී ඇත.
 



අදහස් (0)

බදුල්ලේ 993ක් අවතැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site