(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින ඊසානදිග මෝසම් වර්ෂාවත් සමඟ නායයාමේ අවදානම් කලාපවල සිටින ජනතාවට දැඩි විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහකාර අධ්‍යක්ෂ අජිත් නිශාන්ත මහතා දැනුම් දෙයි.
මෙම වර්ෂාවත් සමඟ ඇල්ල -වැල්ලවාය,බදුල්ල -බණ්ඩාරවෙල,පස්සර -බදුල්ල,මහියංගණ -බදුල්ල,බෙරගල-හපුතලේ,වැල්ලවාය -බෙරගල,හාලිඇළ -වැලිමඩ, බණ්ඩාරවෙල -වැලිමඩ,යන මාර්ග වලට පස්කදු,ගල් පර්වත සහ ගස් කඩාවැටීමේ අවදානමක් ඇති බවද හෙතෙම කීය .
විශේෂයෙන් ප්‍රදේශයේ පවතින අධික මීදුම මෙන්ම කදු බෑවුම් ලිස්සන සුළු මාර්ගවල රියපැදවීමේදි ආරක්ෂිතව ,කල්පනාකාරීව සහ විමසිලිමත්ව රිය පදවන ලෙසට ද නිශාන්ත මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.