IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බදුල්ලේ විදුහල්පතිවරයකුට එරෙහිව විශේෂ විමර්ශනයක්

(එෆ්.අස්ලම් සහ කේ.ජී.ගුණසිරි)
 
බදුල්ල නගරයේ සිංහල මාධ්‍ය පාසලක සිසුන් දෙදෙනකු ඉවත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක පියදාස රත්නායක මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
 
එම සිසුන් දෙදෙනා මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිතය.
 
මෙම සිසුන් දෙදෙනා කිසිදු හේතුකාරණාවකින් තොරව විනය මණ්ඩලය නියෝජනය කරන ගුරුවරු කොට්ඨාසයක පෞද්ගලික උවමනාවක් මත පාසලෙන් ඉවත් කරන බව කියමින් නෙරපූ බවට එම දරුවන්ගේ දෙමාපියන්   කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය  ආරම්භ කර ඇත.
 
බහුතර සිසුන් සංඛ්‍යාවකට 80%ක පැමිණීම නැති බව කියමින් විදුහල්පතිවරයා සහ  විනය මණ්ඩලයක් යැයි කියාගන්නා කණ්ඩායමක විසින්  පෞද්ගලික පළිගැනීමකට ලක් කර සිසුන් ඉවත් කර ඇතත් එහි සිටින සිසුන් 16 කට හැර සෙසු දරුවන්ගේ පැමිණීම   80% ට අඩු බව ගුරුවරු පවසති. 
 
පෙර පැවති දෙමාපිය රැස්වීමේ දී සිසුන් 16 දෙනෙකුට පමණක් මෙවර විභාගය ලිවීමට ඉඩ දෙන බව විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙන අතර මෙම දරුවන් දෙදෙනා  පාසලෙන් ඉවත් කර ඇත්තේ 80%ක් නැතැයි කියමිනි.
 
මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ එම දරුවන් ඉගැනුම ලබන විද්‍යාලයේ 13 කලා පන්තියේ පන්ති භාර ගුරුවරියගේ හෝ අනුදැනුමකින් තොරවය. 
 
මේ සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයා සදහන් කරන්නේ මෙම දරුවා ඉවත් කරන්නේ නැත්තම් විනය මණ්ඩලය ගුරුවරු කිහිප දෙනෙකු ඉගැන්වීම් කටයුතු වර්ජනය කරන බවට දැනුම් දීම නිසාත්, දරුවන්ගෙ පැමිණීම  80% ත් නැති නිසා අයින් කරන්න කටයුතු කළ කා හට පැමිණිලි කළත් තමන්ට ප්‍රශ්නයක් නැති බවයි. 
 



අදහස් (0)

බදුල්ලේ විදුහල්පතිවරයකුට එරෙහිව විශේෂ විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site