IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලය කඩා වැටෙයි



(ප්‍රසාද් රුක්මල්)

බදුල්ල නගර මධ්‍යයේ පිහිටි බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලයේ කොටසක් (4) අද පස්වරුවේ හදිසියේ කඩා වැටීමෙන් එහි වෙළෙඳසල් දෙකකට අලාභහානි වී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.


උලු සහ ටකරන් සෙවිලි කර ඉතා අබලන්ව ඇති බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලයේ උලු සෙවිලි කර තිබූ කොටසක් මෙසේ හදිසියේ එක් වරම කඩා වැටිණ.

එම අවස්ථාවේ එහි පිහිටි රූපලාවණ්‍යගාරයක්, සහ බෑග් මසන ස්ථානයක් වසා තිබීම් හේතුවෙන් මින් කිසිවෙකුට හෝ අනතුරක් සිදු නොවූ බව පොලිසිය පැවසීය.

එම වෙළෙඳසල් දෙකේ තිබූ දේපළ වලට අලාභහානි වී තිබේ.

බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණය ඉතාමත් පැරණි එකක් වන අතර එහි ගොඩනැගිල්ල මෙන්ම වහලයද ඉතාමත් අබලන් වී ඇතැයි එහි වෙළෙන්දෝ පැවසූහ.

මීට පෙර කිහිප වරක් මෙහි වහලයේ කොටස් කඩා වැටීමෙන් පාරිභෝගික ජනතාව කිහිපදෙනක් තුවාල ලැබු බවත් එම වෙළෙඳසල් හිමියෝ කීහ.



අදහස් (0)

බදුල්ල මහ නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වහලය කඩා වැටෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site