(විජේරත්න රත්නායක )
ඉරාන අල් මුස්තාෆා විශ්ව විද්‍යාලය නම් ආයතනයක මෙහෙය වීමෙන් බදුල්ලේ දෙමළ පාසල් හතරක් තුළ අනවසරයෙන් පවත්වාගෙන ගිය අධ්‍යාපනික පාඨමාලා වැඩසටහන තරයේ හෙලාදකින බව බදුල්ලේ මුස්ලිම් පූජකවරු පවසති.
එම වැඩසටහන තුළින් ළමුන්ට ඉගැන්වූ කුරාණය තුළ ඇත්තේ මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාව පිළිගන්නා ප්‍රතිපත්ති නොව ඊට හාත්සින්ම විරුද්ධව යන විප්ලවීය අදහස් බව එම පූජකවරු කියති.
මේ සම්බන්ධයෙන් ජමියත්තුල් උලමා සංවිධානයේ බදුල්ල ශාඛාවේ සභාපති අස්මත් මවුලවිවරයා ඇතුළු ඉස්ලාම් පූජකවරුන් සමඟ ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා අද (06) බදුල්ල ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී අස්මත් මවුලවිවරයා මේ බව පැහැදිළි කළේය.
බදුල්ල , බණ්ඩාරවෙල, හපුතලේ සහ පස්සර යන ප්‍රදේශවල කතෝලික හා හින්දු ආගමික ද්‍රවිඩ ළමුන් 500 ක් හා ඉස්ලාම් භක්තික මුස්ලිම් ළමුන් 150 ක්ද වශයෙන් ළමුන් 650 ක් බඳවාගෙන ඔවුනට අරාබි භාෂාව, කුරාණය හා ඉරාන ඉස්ලාමීය දේශපාලනය ඉගැන්වීමට සකස් කළ අදාළ සති අන්ත පාඨමාලාව පිළිබඳව තමන් මුල සිට
අවිශ්වාස කළ බවත් ද්‍රවිඩ ළමුන් ඉන් ඉවත් කිරීමට තමන්ට නොහැකි වුවත් ඊට ඇතුළත් වූ මුස්ලිම් ළමුන් 130 දෙනෙකු ඔවුන්ගේ දෙමාපියන්ද දැනුවත් කිරීමෙන් ඉන් ඉවත් කරගත්තේ තමන් විසින් බවත් මෙම මවුලවිවරු එහිදී පැවසූහ.
මෙම පාඨමාලාව මෙහෙයවන පුද්ගලයන්ට අවශ්‍යව ඇත්තේ ළමුන්ට අධ්‍යාපනය ලබාදීම නොව ඔවුන් තුළ ඇත්තේ වෙනත් විනාශකාරී අරමුණක් බවත් පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා මැදිහත් වී එම වංචනික කටයුත්ත නතර කිරීමට පියවර ගැනීම ගැන අමාත්‍යවරයාට ස්තුතිවන්ත වන බවත් ඔවුහු පැවසූහ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ලේ ද්‍රවිඩ ළමුන්ට කුරාණය ඉගැන්වූ පාඨමාලාව මුස්ලිම් පූජකවරු හෙලාදකිති