(පාලිත ආරියවංශ)
බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද (12) සවස 5.55 ට ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය නියාමකවරුන්ගේ ගැටලුවක් හේතුවෙන් පැයකට අධික කාලයක් පමාවීමත් සමඟ මගීහු දැඩි නොසන්සුන්තාවකට පත්වූහ.
මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට දුම්රිය ස්ථානයේ නිලධාරීහු කටයුතු කළහ.
දුම්රියේ ප්‍රථමාධාර පෙට්ටියේ මුද්‍රාව කැඩි ඇතැයි උප නියාමකවරයෙක් විසින් මුලින් පැමිණිලිකර තිබූ බවත් පසුව තිරිංග ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බවත් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවැසීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.