නිශාන්ත කුමාර
කිරි සිරුරේ ගෑවීමෙන් හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ආසාදන තත්වයට පත් තල්දෙන එගොඩවෙල ගම්මානයේ මවක් හා දියණියක් අද (7) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
මෙම අනතුරට ලක්වී ඇත්තේ තල්දෙන සොරනාතොට එගොඩවෙල ගම්මානයේ පදිංචි වයස අවුරුදු 35 ක මවක් හා අවුරුදු 14 ක දැරියකි.
ප්‍රදේශයේ සුසාන භූමියක තිබූ කැලෑව කපා ශුද්ධ කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වෙමින් සිටියදී එහි වැවී තිබූ බදුල්ල ගස් කීපයක් කපා ඉවත්කිරීමට යාමේදී ඔවුහු මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.
බදුල්ල කිරි සිරුරේ ගැවීමත් සමඟම එම ස්ථානවල කැසීමක් හටගෙන ඇති අතර පසුව රත් පැහැති පලු දමමින් අධීක වේදනාවක් දැනෙන්නට පටන් ගැනීම හේතුවෙන් මව සහ දියණිය ප්‍රදේශවාසීන් එක්ව රෝහල වෙත රැගෙන ඒමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd