පාලිත ආරියවංශ
බදුල්ලේ ,දුන්හිද දියඇල්ල නැරඹීමට පැමිණ පෙම් සුව විදිමින් සිටි බව කියන පාසල් නව යොවුන් වියේ පෙම්වතුන් දෙදෙනෙකු බියගන්වා තමන් පොලිසියේ බුද්ධි අංශයෙන් යැයි පවසා පෙම්වතුන් ළඟ තිබු රුපියල් 1500 ක මුදලක් කොල්ල කෑ තරුණයන් දෙදෙනෙකු දුන්හිද වෙළඳසැල් හිමියන් විසින් අල්ලා පොලිසියට දෙනු ලැබීය.
සැකකරුවන් දෙදෙනා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට නියෝග කළේය.
පෙම්වතුන් 17 වැනි වියේ පසුවන පාසල් සිසුන් බවත් සැකකරුවන් අවුරුදු 23 සහ 25 යන වයස්වල පසුවන මහියංගනයේ පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd