(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
ගාල්ල, බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ඉඳුරුපත්විල ග‍්‍රාම නිලධාරි වසමේ පිහිටි කොස්ගහ කන්දේ පැලීම් නායයාමේ ලක්ෂණ මතුව ඇතැයි පවතින බව ප‍්‍රදේශවාසීහු කියති.
මේ හේතුවෙන් එම කන්ද ආශ‍්‍රිතව ජීවත් වන පවුල් 15 ක් පමණ අවදානමකට පත්ව ඇතැයිද ඔවුහු පවසති. මේ සම්බන්ධව වගකිවයුත්තන් දැනුම්වත් කළද මේ වනතුරු කිසිඳු විසඳුමක් තමන්ට නොලැබුණු බවද ඔවුහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක වික‍්‍රමසිංහ මහතාගෙන් විමසීමේදි ඒ මහතා මෙසේ කීය.
“මේ ගැන ප‍්‍රදේශවාසීන්ගෙන් පැමිණිල්ලක් අප වෙත ලැබුණා. ඒ පිළිබඳන අප බද්දේගම සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන්නා”යැයි කීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල කාර්යාලයේ භූ විද්‍යාඥ ඊ.ආර්.බන්දුල මහතා මෙසේ පැවසීය.
“ තවමත් මෙම කරුණ සම්බන්ධයෙන් අප දැනුම්වත් වී නැහැ. අවශ්‍ය තොරතුරු ලැබුණු පසුව මේ ගැන සොයා බැලීමට කටයුතු කරනවා” යැයි කීය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.