( ඩී.කේ.රත්න )
බණ්ඩාරවෙල බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ බිදුණුවැව ප‍්‍රදේශයේ මාර්ගය අසළ තිබී එස්. 84 ගිනිඅවිවලට යොදන ජීව උණ්ඩ තුනක් අද (2) සොයා ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
ප‍්‍රදේශවාසියකු විසින් පොලිස් හදිසි දුරකථන අංක 119 ට ලබාදුන් තොරතුරක් අනුව මෙම ජීව උණ්ඩ සොයාගෙන ඇත.
මෙම ගිනිඅවි ශ‍්‍රී ලංකාවේ යුද හමුදාව භාවිතා කරන ගිවිඅවි විශේෂයක් බවත් මෙම ගිනි අවිවලට යොදන ජීව උණ්ඩ මෙම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න ගැටලුවක් බව පොලිසිය කියයි.
මේ සම්බන්ධව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත. බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ බණ්ඩාරවෙල පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd