IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බදගිරියේ උණුසුම් තත්වයක් : ආරක්ෂාවට හමුදාව හා පොලිසියත් කැඳවයි

(දිලීප් ජයසේකර)

හම්බන්තොට බදගිරිය  ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පහර කෑමට ලක් වු එක් අයෙකු රෝහල් ගතකර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යුද හමුදාව හා විශේෂ පොලිස් කණ්ඩායමක් බදගිරියට කැදවීමට හම්බන්තොට පොලිසිය කටයුතු කර තිබේ.

හම්බන්තොට බදගිරිය සැනසිළිගම පදිංචි පුද්ගලයෙකුසදළුගම මුස්ලිම් ගම්මානයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු සමග පැමිණ සැනසිළිගම පදිංචි අඹූසැමි යුවලකට පරුෂ වචනයෙන් බැන වැදී අතින් පයින් පහර දී තිබේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අංක 19,සැනසිළිගම,බදගිරිය,හම්බන්තොට ලිපිනයේ පදිංචි 25 හැවිරිදි කොළඹගේ සුරංග සදකැළුම් හා ඔහුගේ බිරිද වන ශානිකා නැමති අයයි.

පහර කෑමෙන් අසාධ්‍යව සදකැළුම් නැමැත්තා ඊයේ (24) රාත්‍රි ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

රාත්‍රි 07ට පමණ පුද්ගලික ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති අතර රාත්‍රි 09ට පමණ පහකැමට ලක්ව රෝහල් ගතවු පුද්ගලයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.

බීමතින් පැමිණ ඇති  පුද්ගලයන් පස් දෙනෙකු පහරකෑමට ලක් වු පුද්ගලයාගේ නිවස අසලට පැමිණ ඔහුගේ සහොදරයන් දෙදෙනෙකුට හා ඔහුගෙ බිරිදට අසැබිවචනයෙන් බැණ වැදී ඇති අතර පහරකෑමට ලක් වු පුද්ගලයා ඒ පිළිබදව විමසීමේදී ඔහුට හා ඔහුගේ බිරිදට මෙම පිරිස අතින් පයින් පහර දී ඇති බව මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වි ඇත.

පහරකෑමට ලක් වු පැමිණිලි කරු මේ වන විට හම්බන්තොට මහ රෝහලේ නේවාසිකව පතිකාර ලබයි.

කෙසේ වෙතත් ගම්මාන දෙකෙහි පිරිස් අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවිම වැලැක්වීම සදහා හම්බන්තොට පොලිසිය විසින් බදගිරිය ප්‍රදේශයට මේ වන විට යුද හමුදා හා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා මාතර හම්බන්තොට දිසාබාර නියොජ්‍ය පොලිස්පති ඩී.ජගත් පලිහක්කාර,තංගල්ල කොට්ටාශබාර පොලිස් අධිකාරී රවීන්ද්‍ර අඹේපිටිය යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හම්බන්තොට පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



අදහස් (0)

බදගිරියේ උණුසුම් තත්වයක් : ආරක්ෂාවට හමුදාව හා පොලිසියත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 114 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site