( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලිව් ඩබ්ලිව් හියුබට් ප්‍රනාන්දු )
කුඩා බෝතල් මූඩියක් උගුරේ සිරවීමෙන් මාස 14ක දරුවකු මරණයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලීසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ දූනගහ බටහිර අධිකාරිමුල්ල පදිංචිව සිටි කේ ඒ උවිදු වගීෂ නැමැති දරුවෙකි.
රෝගී වූ දරුවා රෝහල් ගත කර ඇත දරුවා එහිදී මරණයට පත් වීමෙන් පසු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේ දී මේ බව හෙළි වී ඇත.
බෝතල් මුඩිය උගුරේ සිරවීමෙන් මොළයට ලේ ගමන් කිරීම අවහිර වීමෙන් මරණය සිදුව ඇතැයි හෙළි වී ඇත.
මීගමුව මහ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියේ මරණ පරීක්ෂණය පැවතිණි .
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ මහතාගේ මෙහෙයවීම මත පොලිස් කොස්තාපල් සරත් මහතා පරීක්ෂණ පැවැත් වීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd