( ඩී. කේ. රත්න )
බණ්ඩාරවෙල මාතැටිල්ල වනාන්තර රක්ෂිතයක අද (10) අලුයම ඇති වූ ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන් විනාශවී ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
කිසියම් කණ්ඩායමක් විසින් මෙම රක්ෂිතයේ ජීවත් වන මුවන්, වල් ඌරන්, ඉත්තතෑවන්, මීමින්නන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා හෝ විනෝදය සඳහා මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය මෙම ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ.
බණ්ඩාරවෙල පොලීස් නිලධාරීහු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd