IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


බණ්ඩාරවෙල පාසලක මුදල් අයකැමිවරයකුට සිරදඬුවම්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පහසුකම් ගාස්තු සහ ශිෂ්‍ය නේවාසික ගාස්තු ලෙස වසර තුනක කාලයකදී පාසලට ලැබුණු රුපියල් ලක්ෂ 30 අධික මුදලක් සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාවකට වරදකරු වූ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ පාසලක මුදල් අයකැමි ලෙස කටයුතු කළ සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තාට වසර 3 1/2 ක සිරදඬුවම් නියම කරමින් අභියාචනාධිකරණ ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.

එම සිරදඬුවම අභියෝගයට ලක් කරමින් ගොනු කළ චූදිත සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තා ගොනු කළ අභියාචනා පෙත්සම නිෂ්ප‍්‍රභා කරමින් , අභියාචනාධිකරණය විසින් නියම කළ දඬුවම වහාම ක‍්‍රියාත්මක කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

සිසිර ද ආබෲ , එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප‍්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන ලදී.

1998 ජූනි 1 වැනිදා සිට 2000 වසරේ දෙසැම්බර් 31 වැනිදා කාලය තුළදී බණ්ඩාරවෙල ගුරුතලාව ප‍්‍රදේශයේ විදුහලක මුදල් අයකැමිවරයා ලෙස සේවය කරමින් සිටියදී, එම විදුහලට පහසුකම් ගාස්තු සහ ශිෂ්‍ය නේවාසික ගාස්තු ලෙස ලැබුණු රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව නඩු තුනක් පවරා තිබිණි.

එම නඩු විභාග වන අතරතුර විත්තිකාර සුනිල් ධම්මික සෝමසුන්දර නැමැත්තා වරද පිළිගත් අතර එක් නඩුවකට බරපතල වැඩ සහිත සහිත වසර පහක බැගින් සිරදඬුවම් නියම කර, එය වසර පහක කාලයකට අත්හිටුවීමට බදුල්ල මහාධිකරණය විසින් නියම කර තිබිණි.

එසේම විත්තිකරුට රුපියල් 10,000ක් බැගින් දඩයක් ගෙවීමට ද නියම කළේය.

බදුල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් 2015 /06/23 දින නියම කළ එම දඬුවම ප‍්‍රමාණවත් නොවන බව පවසමින් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කළේය.

නීතිපතිවරයාගේ අභියාචන පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය බදුල්ල මහාධිකරණ විනිසුරුවරයා දුන් තීන්දුව ඉවත් කර විත්තිකරුට වසර 3  1/2 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක් ගොනු කළ අතර එම විත්තිකාර අභියාචන පෙත්සම ඉවත දමමින් අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

නීතිපති වරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම නඩුවට පෙනී සිටියේය.



අදහස් (0)

බණ්ඩාරවෙල පාසලක මුදල් අයකැමිවරයකුට සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 332 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 424 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site