IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බණ්ඩාරවෙල ප්‍රා. සබෙන් සම්බන්ධීකරණ කමිටුවට විරෝධය

(ඩී.කේ.රත්න)
 
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම මාස හයකින් පමණ රැස්නොවීම සම්බන්ධයෙන් එම කමිටුවට දැඩි විරෝධය දැක්වීමට ගෙන ආ යෝජනාව අද (9) පැවති බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරු ඒකමතිකව සභා සම්මත කළහ.
 
ප‍්‍රදේශයේ ජනතාවගේ ගැටලූ සාකච්ඡා කර එම ගැටලුවලට විසඳුම් ලබාදීමටත් ප‍්‍රදේශයේ කරනු ලබන සංවර්ධන යෝජනාක‍්‍රමවල ඇති අඩුපාඩු සාකච්ඡා කිරීමටත් ඇති එකම ස්ථානය මෙම ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම බවත්, එයද මාස හයකින් පමණ රැස් නොවීම හේතුවෙන් මෙම  ගැටලුවලට විසඳුම් ලබාදීමට නොහැකි වී ඇති බවත් පවසමින් සම්බන්ධීකරණ කමිටුවට දැඩි විරෝධය දැක්වීමට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
 
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් විසින් මෙම යෝජනාව ප‍්‍රාදේශීය සභාවේ මාසික මහ සභාවට ඉදිරිපත් කළ අතර පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරු එම යෝජනාව ඒකමතිකව සභා සම්මත කළහ.
 
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාව මන්ත‍්‍රීවරු දහඅට දෙනෙකුගෙන් සමන්විතය.
 
බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා ද ලේකම්වරයා ලෙස බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් නිමල් ගුණරත්න මහතා ද කටයුතු කරති.



අදහස් (0)

බණ්ඩාරවෙල ප්‍රා. සබෙන් සම්බන්ධීකරණ කමිටුවට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site