IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බණ්ඩාරගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මොහොමඩ් ඉමිතියාස් මහතා ජූලි 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(11) නියෝග කළේය.
 
මෙසේ නියෝග කරනු ලැබූයේ බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ කාන්තාවකට පුද්ගලයින් කිහිපදෙනෙකු හිරිහැර කළ බව කියන සිද්ධියක සාක්කිකරුවන්ට තර්ජනය කළේය යන සිද්ධියක් සම්බන්ධයෙනි.
 
ජූලි 04 වැනි දින මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රීවරයාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බණ්ඩාරගම පොලිසියට නියෝග කළේය.
 
මීට දින කිහිපයකට ඉහතදී බණ්ඩාරගම පොලිසියට බාර වූ මන්ත්‍රීවරයා පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු අද(11) අධිකරණයට පැමිණියේය.
 
පැමිණිලිකාර කාන්තාවට හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි පුද්ගලයින් හයදෙනාට දැඩි කොන්දේසි මත ඇප ලබාදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
 
සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ අරුණ දීපාල් මහතා පෙනී සිටියේය.



අදහස් (0)

බණ්ඩාරගම ප්‍රා. සබේ මන්ත්‍රී රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site