(දයාරත්න ඇඹෝගම)
සිය බෑණාගේ ගබඩාවට ගිනි තැබු 54 හැවිරිදි මාමා කෙනෙකු තල්වැටියාව ප්‍රදේශයේ පිහිටි නිවසක දී අත් අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තල්වැටියාව මහවිහේන්යාය ගල්කිරියාගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම මාමාත් බෑණාත් අතර කලාන්තරයක් තිස්සේ පවතින ආරවුලක් මත මාමා විසින් සිය බැණා පදිංචිව සිටින නිවස අසල ගබඩාවට පෙරේදා(24) රාත්‍රී 10.30 ට පමණ ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
මෙම ගින්නෙන් රුපියල් එක්ලක්ෂ අසුදහසකට ආසන්න අලාභයක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.
සැකකරැ ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd