(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතු යායේ මැද කොටසේ පිහිටි හින්දු කෝවිල් දෙකක් කඩා දේව රූපවලට පළඳවා තිබු රන් ආබරණ සහ පින් කැටයේ තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
අද (27) අලුයම මෙම කෝවිල් දෙකේ ඉදිරිපස දොරටුව කඩා කොවිල තුළට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
කෝවිල් දෙකේම දොරවල් අලුයම විවෘත කර තිබෙන බව වතු කම්කරුවෙකු දැක ඒ පිළිබදව එම කොවිල භාර පුජකවරයාට දැනුම් දිමෙන් අනතුරුව පුජකවරයා විසින් එ පිළිබදව බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ට දෙවියන් ඉන්න තැනවත් ආරක්ෂා කරගන්න බැරි වෙලාවක අපිව ආරක්ෂා කරන්නේ කෙලෙසද. මෙයයි යථාර්තය. දේව සංකල්ප අපේ සමාජයෙන් තුරන්කරපු දවසට මිනිස්සුන්ගේ ඔලු සම්පුර්ණයෙන් නිදහස් වනු ඇත. මේ සියලු දෑ නිර්මාණ මිසක් සත්‍යයක් නොවේ.