IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


බැංකු කාඩ්පත්වල මුදල් තමන්ගේ ගිණුමට හැරවූ 2ක් අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු සහ ලලිත් නවරත්න)
  
පුද්ගලයන් කිහිපදෙනෙකුගේ ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත නවීන යන්ත්‍ර දෙකක් මගින් තම ක්‍රෙඩිට්කාඩ් පතට ඇතුළත් කර එම මුදල් භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු අද(02) අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය පවසයි.
 
මොවුන් දෙදෙනා සුපිරි වෙළඳසැල්වලින් ලක්ෂ ගණනින් විවිධ භාණ්ඩ ලබා ගැනීමේ ජාවාරමක් පවත්වා ගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.
 
ව්‍යාජ ලෙසින් සකස් කර ගත් රජයේ හා පෞද්ගලික බැංකු කාඩ්පත් 4ක්ද, පරිගනක උපාංග හා මිලදී ගත් උපකරණ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට පුද්ගලයන් දෙදෙනා හලාවත කොරයවත්තේ පදිංචි 45වියේ පසුවන විවාහකයෙක් සහ හලාවත වටවන පදිංචි 22 හැවිරිදි ඉන්ධනහලක පොම්පකරුවෙක් වෙති.
 
ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකරුවන් ක්‍රෙඩිට් කාඩ්පතින් මුදල් ගෙවීමටයාමේදී ඔවුන්ගේ ගිණුම්වල මුදල් නැතිබව දැන, අදාළ බැංකු වෙත දන්වා ඇති බවත්, ගිණුම්හිමියන් තිදෙනෙකු විසින් මේ සම්බන්ධව පොලිසියට දන්වා ඇති බවත්, ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ බවත් පොලිසිය පවසයි.
 
ඉන්ධනහලට ඉන්ධන ලබා ගැනීම පැමිණෙන පුද්ගලයන් සිය බැංකු කාඩ් පත එම සේවකයා වෙත ලබා දෙනවිට ඔහු තමා සතු උපකරණයෙන් එහි දත්ත සොරා ගෙන ප්‍රධාන සැකකරුට ලබා දී ඇති බවද, පසුව එම දත්ත තමන් සැකසූ කාඩ් පතකට ඇතුළත් කර සුපිරි වෙළඳසැල්වලින් භාණ්ඩ මිලදීගෙන ඇති බවද,  පසුව එම භාණ්ඩ අඩු මිලකට විකුණා ඇති බවද අනාවරණය වී ඇත.
 
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු)

(ඡායාරූපය - ලලිත් නවරත්න)



අදහස් (0)

බැංකු කාඩ්පත්වල මුදල් තමන්ගේ ගිණුමට හැරවූ 2ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site