IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බැංකුවක ණය අයකරන්නෙකුට මූන්දලමේදී පහරදීලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මුන්දලම වේලාසිය ප්‍රදේශයේ දී පෞද්ගලික බැංකුවක ණය අයකරන්නෙකු තියුණු ආයුධ වලින් කැපුම් තුවාල ලබා පුත්තලම මුලික රෝහලට අද (20)  දහවල් ඇතුළත් කර ඇති බව මුන්දලම පොලිසිය කියයි.
 
මෙසේ තුවාල ලබා ඇත්තේ වාරික ක්‍රමයට ගම්මාන වල කාන්තාවන්ට ණය ලබා දෙන බැංකුවක ණය අයකරනු ලබන නිළධාරියකු බව කියයි.
 ණය අයකරන්නා අද  (20) උදේ කාලවේ මුන්දලම වේලාසිය ප්‍රදේශයේ නිවෙස් වලට ගොස් ණය අයකර ගැනිමේන් පසුව ආපසු තම සේවා ස්ථානයට එමින් සිටියදි වේලාසිය පන්සල් හංදියේදී  මහ මග හරස් කර ඇති කොල්ල කරුවන් දෙදෙනෙකු මොහු සතුව තිබු මුදල් කොල්ල කෑමට සැරසි ඇති බව කියයි .
 
 සේවකයා මෙම කොල්ලකරුවන් සමඟ පොර බදන අවස්ථාවේදී එක් කොල්කරුවකු සේවකයාට පිහියකින් ඇණ ඇති බව කියයි.



අදහස් (0)

බැංකුවක ණය අයකරන්නෙකුට මූන්දලමේදී පහරදීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site