(කේ බුද්ධික කුමාරසිරි)
අනුරාධපුර තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි 16 කට අධික මුදල් සහ ස්වර්ණාභරණ සොරා ගෙන පලා යාමේ සිද්ධියට සම්බන්ධ මහ මොළකරු සමඟ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකදී එම කොල්ලයට යොදා ගත් වාහන හතරක් අද (29) එප්පාවල ප‍්‍රදේශයේදී සොයාගත් බව එප්පාවල පොලිසිය පවසයි.
ඉකුත් 2018 වර්ෂයේ මැයි මස 21 වන දිනත් ජූනි මස 02 වැනි දිනත් අතර කාලයේ තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක පිටුපස දොර කඩා ඇතුළු වී එහි ආරක්ෂිත කාමරයක තිබූ සේප්පුව කපා රුපියල් දාසය කෝටි විසිපන් ලක්ෂයකට වැඩි මුදලක් සහ ස්වර්ණාභරණ සොරා ගෙන ගොස් තිබූ බව පොලිසිය පැවසීය.
පසුව මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදු කළ ද සොරකම පිළිබඳව තොරතුරක් අනාවරණය කර ගැනීමට අපෝහොසත් වූයෙන් පොලිස්පතිවරයාගේ නියමය පරිදි බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් සහ එප්පාවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රමුඛ කණ්ඩායමක් නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව පොලිසිය කීය.
ඒ අනුව පරීක්ෂණ සිදු කරමින් සිටින අතරතුර ඉකුත් ජනවාරි මස 20 වැනි දින මෝටර් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 06 දෙනෙකු එප්පාවල කිරුලෝගමදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ අතර මෙම සැකකරුවන් රඳවා ගෙන ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළද එම සැකකරුවන්ගේ දුරකථන වාර්තා විමර්ශනය කළ බව පොලිසිය පැවසීය.
විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත සැකකරුවන් සම්බන්ධයෙන් තඹුත්තේගම අධිකරණයට කරුණු වාර්තා කර අධිකරණයේ නියෝගය මත සැකකරුවන් අද (29) නැවතත් පොලිස් භාරයට ගෙන අදාල තොරතුරු සනාථ කර ගත් බවත් ඒ අනුව සැකකරුවන් යළි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකුවක් කොල්ලකෑමට යොදාගත් වාහන 4ක් වසරකට පසු සොයාගනී