(ඉන්දිකා රාමනායක)
යාපනය චුන්නාකම් කුප්පිලාන් දකුණ ප‍්‍රදේශයේ දී අද (16) වගා කටයුතුවල නිරත වෙමින් සිටි තිදෙනකු අකුණුසැර වැදී මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 38, 55 යන වයස් වල පසුවන කාන්තාවන් දෙදෙනකු හා 49 හැවිරිදි පුරුෂයෙකි.
එම පුරුෂයා සහ එක් කාන්තාවක් එකම පවුලේ සහෝදර සහෝදරියන් බවද පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා දුම්කොළ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී වැසි වැටෙමින් තිබූ බවත් තිදෙනා නොතෙමී සිටීම සඳහා අසළ මඩුවක රැදී සිටියදී අකුණු සැරට වැදී ඇති බවත් පොලිසිය කියයි.
අකුණු සැර වැදීමෙන් තිදෙනාම එම ස්ථානයේ දී මියගොස් ඇත.
මියගිය තිදෙනාගේ මෘත ශරීර යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ හෙට (17) පැවැත්වීමට නියමිතය.
චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd