(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ චන්දන ජයවීර)
දිඹුල-පතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් තේ වතුයායේ වතු කම්කරුවන් පිරිසකට අද (06) බඹර ප්‍රහාරයක් එල්ලවීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් කාන්තාවක් තුවාල ලබා ඇත.
මෙහිදී මියගොස් ඇත්තේ මව්න්ට් වර්නන් තේ වතුයායේ වතු කංකාණිවරයෙකු ලෙස සේවය කරමින් සිටි අය්යාසාමි තංගරාජ් නැමති 57 හැවිරිදි දෙදරු පියෙකි.
බඹර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හා කාන්තාව අසාධ්‍ය තත්ත්වයෙන් කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය මූලික රෝහල වෙත රැගෙන යමින් සිටියදී දියගල ප්‍රදේශයේදී මෙම පුද්ගලයා මියගොස් ඇත.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත භාර දී ඇත. අසාධ්‍ය තත්වයෙන් පසුවූ කාන්තාව නාවලපිටිය මූලික රෝහලට ඇතුළත් කර අති බව දිඹුල පතන පොලීසිය පවසයි.

2025 දෙසැම්බර් මස 18
109
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඔර ප්‍රහාරයෙන් අයෙක් මරුට