(බිමල් ශ්‍යාමන්)
කහතුඩුව පොල්ගස්ඕවිට උන්දුරුගොඩ ශ්‍රී විජයනන්දරාම විහාරස්ථානයේ පිං කැට පහක් කඩා එහි මුදල් හා පිත්තල පහනක් සොරා ගත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් පුද්ගලයා එස්.එම් නොහොත් පිං කැටයා යන අනුවර්ථනාමයෙන් හදුන්වන අයෙකි. ඉකුත් 19 වැනිදා පිං කැටයක තිබු මුදල් සොරාගත් අයුරු සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව ඇත.
සිදු වු එම සොරකම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා හදුනාගෙන හොමාගම මාගම්මන ප්‍රදේශයෙදී අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය කර ප්‍රශ්න කිරීමේදී සොරාගත් මුදල් වලින් මත්කුඩු පානය කර ඇති බවට අනාවරණය වී ඇත. මීට පෙර මෙම සැකකරු පන්නිපිටිය දෙව්රම් වෙහෙර විහාරස්ථානයේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ රනින් නිමවන ධාතූන් වහන්සේ නමක් සොරාගැනීම සම්බන්ධයෙන් මහරගම පොලිසියෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කර තිබේ.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිං කැට කැඩු සොරා අල්ලයි