IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොළොන්නරුවේ කල් ඉකුත් වූ සහල් ගබඩාවකට මුද්‍රා තබයි

(නිමල් ජයරත්න)
 
කල් ඉකුත් වූ සහල් තොග ගබඩා කිරීම ඇතුළු චෝදනා තුනක් සම්බන්ධයෙන් පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ මහා පරිමාණ සහල් ගබඩාවකට අද(27) මුද්‍රා තැබීමට පියවර ගත් බව පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ආයතන ප්‍රධානි එච්. ජී. සී චන්ද්‍රකුමාර මහතා පැවසීය.
 
කල් ඉකුත් වු සහල් සහිත අසුරන, හොඳ සහල් සමග මිශ්‍රව ගබඩා කර තැබීම, කල් ඉකුත් වූ සහල් ඇසුරුම්වල මුද්‍රණ දින වෙනස් කිරීම, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලක් සඳහන් කර තැබීම යන චෝදනා යටතේ සහල් මෝල් හිමිකරුට විරුද්ධව හෙට(28) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇති බව චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේය.
 
එම සහල් මෝල ඊයේ(26) රාත්‍රියේ වටලන අවස්ථාවේදී කල් ඉකුත් වූ සහල් කිලෝ 88,000ක් ඇතුළු සහල් කිලෝ දෙලක්ෂ හතලිස් පන්දහසක් පමණ ගබඩා කර තිබූ බවත්, එම සහල් සියල්ල ගබඩාවෙම මුද්‍රා තබා පොලිස් භාරයේ රඳවා තිබෙන බවද චන්ද්‍රකුමාර මහතා පැවසීය.
 
කල් ඉකුත් වු සහල් තොගවලින් සාම්පල් කිහිපයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බවත්, අදාළ පරීක්ෂණ කටයුතු  නිමවන තෙක් එම සහල් මෝලේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබෙන බවත් චන්ද්‍රකුමාර මහතා සඳහන් කළේය..
 
කොළඹ පාරිභෝගක සේවා අධිකාරියේ ප්‍රධාන අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සහ සහකාර අධ්‍යක්ෂ තාරක විදානගමආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස් මත පොළොන්නරුව පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානි එච්.ජී.සී.චන්ද්‍ර කුමාර මහතාගේ මෙහෙයවිමෙන් විමර්ශන නිලධාරී බී.එම්. ජයවර්ධන මහතා, සී.එම්.හිනමින්න, එම්.එම්.සුබහීර්, එස්.එම්.ඉස්මිත්, ආර්.අන්සාර්, එම්.මිහිරාන් යන නිලධාරීහු ද පොළොන්නරුව සහ වැලිකන්ද පොලිසිය ද එක්ව මෙම වැටලීම කළහ.



අදහස් (1)

පොළොන්නරුවේ කල් ඉකුත් වූ සහල් ගබඩාවකට මුද්‍රා තබයි

wimal Wednesday, 27 November 2019 12:19 PM

මේවට අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site