(ක.ග. කරුණාරත්න)
ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඒවා ආපසු ගෙවා ගැනීමට නොහැකිව පීඩා විදින පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ කාන්තාවන්ගේ සංවිධාන එකමුතුව විසින් අද (8) හිඟුරක්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ.
දහසකට අධික කාන්තාවෝ ඊට සහභාගී වී සිටි අතර, ඔවුහු එක හඬින් කියා සිටියේ තමන් විසින් ලබාගෙන මෙතෙක් ගෙවා ගැනීමට නොහැකි වී සිටින හිඟ ණය සියල්ල අහෝසි කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
ස්වභාවික අපල උපද්‍රව, නියගය, කෘමි හානි ආදි විවිධ හේතුන් නිසා තම වී ගොවිතැන් විනාශ වීමත්, ණය ලබාගෙන ආරම්භ කරන ලද ස්වයං රැකියා අසාර්ථක වීමත් නිසා තමන්ට මේ ණය සහ පොලිය ගෙවා ගැනීමට නොහැකි වූ බවද, එම කාන්තාවෝ කියා සිටියහ.
හිඟුරක්ගොඩ මහසෙන් මන්දිරය අසලින් ආරම්භ වී හිඟුරක්ගොඩ නගරය වෙත පැමිණි මේ විරෝධතා පා ගමනට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් ගම්මාන රැසක ක්‍ෂද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින කාන්තාවෝ පැමිණි බව එහි සංවිධායකවරු පැවසූහ.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොළොන්නරුවේ කාන්තාවෝ උද්ඝෝෂණයක