(මොහොමඩ් ආසික්)
පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට විරෝධය දැක්වීමේ යෝජනාවක් අද (12) පූජාපිටිය ප්‍රාදේශිය සභා මාසික මහ සභා රැස්වීමේදී සම්මත කර ගනු ලැබීය.
පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැති එහි මාසික මහ සභාවට හිටපු සභාපතිවරයෙකු මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනුර මඩලුස්ස මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණට දිගින් දිගටම රජය ප්‍රමාද කරමින් යන්නේ පරාජය වීමට ඇති බය නිසා බවත් එයින් ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය වන බැවින් පළාත් සභා මැතිවරණය දිගින් දිගටම ප්‍රමාද කිරීම ගැන දැඩි විරෝධය දක්වන බවත් වහාම මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් කීය මෙම යෝජනාව පොදු ජන පෙරමුණේ මන්ත්‍රී සිරිල් විජේවර්ධන මහතා ස්ථීර කළේය.
මෙහිදී අදහස් දැක්වූ සභාපත් අනුර ප්‍රනාන්දු මහතාද සඳහන් කළේ, පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට තමන්ද දැඩි විරෝධය දක්වන බවයි.
2025 දෙසැම්බර් මස 04
25
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පළාත් සභා ඡන්දය කල් දැමීමට පූජාපිටිය සභාවේ විරෝධය