ශ්රී ලංකාවට දකුණු දෙසින් වන මුහුදේ අඩු පීඩන තත්වයක් වර්ධනය වී ඇති බැවින් එහි බලපෑම නිසා දකුණින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවලට තද වැසි ද බලාපොරොත්තු වේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ක්ෂණිකව සුළං වේගය පැයට කිලෝ මීටර් 70-80 පමණ යාමට ඉඩ ඇති නිසා එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකි බැවින් ධිවර සහ නාවික ප්‍රජාවගෙන් විමසිලිමත් වන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd