(අශෝක තිලකරත්න)
හම්බන්තොට ඉන්ධන පිරවුම්හල අසළදී අද (09) අලුයම ධීවරයෙකුට පිහියෙන් ඇන මරා දමා ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
ඊට සම්බන්ධ සැකකාර ධීවරයා හම්බන්තොට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මියගොස් ඇත්තේ හම්බන්තොට ළිං පාරේ පදිංචි පෙරුමාල් ගුරුඅම්මා කාලිදාස් (45) නැමැත්තෙකි.
එම මරණය සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද(09) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
මෙම මිනීමැරුම පෞද්ගලික ආරවුලක් මත සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd