IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පහර දී ඝාතනයක් සිදුකළ පුද්ගලයෙකුට මරණ දඬුවම

මරණ දඬුවම ද මිනීමැරුමකි | Sannasa Magazine

(දිලීප් ජයසේකර )

වසර එකොළහකට පෙර , පහර දී  සිරුර මතින් යතුරු පැදියක් ධාවනය කර , පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (04) මරණ දඬුවම නියම කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ සූරියවැව මීගහජඳුර පදිංචි උපුල් රම්‍යතිලක නැමැති 53 හැවිරිදි පුද්ගලයෙකුයට.

විත්තිකරු 2010.05.25 වන දින මීගහජදුර පහළ කුඹුක්වැව පදිංචි 44 හැවිරිදි ඩබ්ලිව්. ඒ. විජයරත්න නැමැති පුද්ගලයෙකුට  පහර දී ඔහුගේ සිරුර මතින් යතුරු පැදියක් ධාවනය කර ඝාතනයට ලක් කර තිබේ.

මරණකරු විසින්  විත්තිකරුගේ ඥාතිවරියකට සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම පහරදීම සිදු කර තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය හමුවේ  අධිචෝදනා ගොනු කර තිබේ .

ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් පසු සැකකරුට එරෙහිව නගා තිබූ චෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර තිබීම හේතුවෙන් පූර්වගාමී මහාධිකරණ විනිසුරු  තාමර තෙන්නකෝන් මහතා සැකකරුට මරණ දඬුවම නියම කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් හම්බන්තොට හිටපු රජයේ අධිනීතිඥ ගයාන් පෙරේරා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී .

විත්තිකරුට මරණ දඬුවම ලබාදෙන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර  අධිකාරීවරයාට මහාධිකරණ  විනිසුරු  තාමර තෙන්නකෝන් මහතා  නියෝග කළේය.

 



අදහස් (0)

පහර දී ඝාතනයක් සිදුකළ පුද්ගලයෙකුට මරණ දඬුවම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site