( ක.ග කරුණාරත්න )
පොළොන්නරුව පොලිස් වසමේ සේවාගම ප‍්‍රදේශයේ පුද්ගල පහරදීමකින් අද (09) දෙදරු පියෙකු මිය ගොස් ඇතැයි පොළොන්නරුව පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පොළොන්නරුව, සේවාගම, අංක 72-1 ලිපිනයේ පදිංචි සුජීව රංජිත් කුමාරගේ නැමැති 40 හැවිරිදි දෙදරු පියෙකි.
පහර කෑමෙන් අනතුරුව ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (09) අලුයම 3.30ට පමණ මිය ගොස් ඇතැයි විමර්ශන කටයුතු කරන පොලිස් නිලධාරීහූ පැවැසූහ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාට පහර දුන් බවට සැක පිට දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුහු පොළොන්නරුව සේවාගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd