( නිශාන්ත කුමාර)
ගෙපොලක් කපමින් සිටියදී පස් කන්දක් කඩා වැටී ඊට යටවී බරපතල තුවාල ලැබූ පස්සර ඇකිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (12) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළු කළ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළු කර තිබේ.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පස්සර ඇකිරිය උණගොල්ල ගම්මානයේ අවුරුදු 40 ක පුද්ගලයෙකි.
තවත් පිරිසක් සමඟ මෙම පුද්ගලයා නිවසක් ඉදිකිරීම සදහා ගෙපලක් කපමින් සිටියදී බුරුල්වූ පස් කන්දක් එක්වරම ඔහුගේ සිරුර මතට කඩා වැටී ඇති අතර එහි සිටි පිරිස එක්ව ඔහු පිටතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.