ශ්රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය බහුජාතික හවුල්කරුවන් හා එක්ව පවත්වන ‘පැසිෆික් ඒන්ජල්’ මානුෂීය වැඩසටහන් පෙළ ඉකුත් දා (6) අනුරාධපුරයේදී ආරම්භ කෙරුණි.
‘පැසිෆික් ඒන්ජල් 2018’ හෙවත් ‘ශාන්තිකර දෙවඟන’ යනු වාර්ෂිකව සිදු කෙරෙන ඒකාබද්ධ මානුෂීය සහ ආපදා සහන සේවා සපයන වැඩසටහනකි. එහිදි සාමාන්‍ය සෞඛ්‍යය, දන්ත, අක්ෂි, ළමා රෝග සහ ඉංජිනේරු වැඩසටහන් මෙන්ම විවිධ විෂය ක්ෂේත්‍රවල විශේෂඥතා දැනුම ද ඊට සහභාගී වන දෙරටේ පාර්ශව අතර හුවමාරු කරගැනේ.
අනුරාධපුරයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන් පෙළ කොළඹ, අනුරාධපුර සහ වව්නියාව යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර මේ මස 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.
ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදා සාමාජිකයන් 65 දෙනකු, මෙරට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ මෙම වැඩසටහනට එක්ව සිටිති. එහිදි පුහුණ වැඩසටහන් ද පැවැත්වේ.
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාව හා එක්ව අනුරාධපුර ප්‍රදේශයේ පාසල් අලුත්වැඩියා කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වැඩසටහනට බංග්ලාදේශ, නේපාල සහ මාලදිවයින යන රටවල සෞඛ්‍ය සේවා සපයන්නෝද එක්ව සිටිති.
වසර 2007 සිට මෙම ‘පැසිෆික් ඒන්ජල් 2018’ වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.
055
2025 දෙසැම්බර් මස 16
94
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘පැසිෆික් ඒන්ජල් 2018’ මානුෂීය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි