IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පැසිෆික් ඒන්ජල් වෙතින් සමාජ සත්කාර

හර්ෂණ තුෂාර සිල්වා වව්නියාවේ සිට
 
මානුෂීය අවශ්‍යතාවලදී කඩිනමින් සභාග ප්‍රතිචාර දැක්වීම් උදෙසා ‘පැසිෆිල් ඒන්ජල්’ තුළින් සහයෝගීතා මාදිලි ගොඩනැගෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද වැඩබලන තානාපති රොබට් හිල්ටන් මහතා අද (17) පැවැසීය. 
 
‘පැසිෆික් ඒන්ජල්’ හෙවත් ‘ශාන්තිකර දෙවඟන’ යනු ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ශාන්තිකර ගුවන් හමුදා බළකාය වාර්ෂිකව සිදු කරන මානුෂීය වැඩසටහන් පෙළකි.
 
ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව ආරම්භ කරන මෙම වැඩසටහන් පෙළේ වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් කෙරෙන වැඩසටහන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩබලන තානාපති රොබට් හිල්ටන් මහතා එම කරුණු කීවේය.
 
එහිදි අදහස් දැක්වූ මෙරට ඇමෙරිකා එක්සත් ජනපද වැඩබලන තානාපති රොබට් හිල්ටන් මහතා මෙසේ ද කීය.
 
“පැසිෆික් ඒන්ජල් තුළින් සිවිල් වැසියන් සහ හමුදාව අතර සහයෝගීතාව ගොඩනගනවා. මේ වැඩසටහනට ඇමෙරිකා එක්සත් ජනපද සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමතරව මාලදිවයින, නේපාලය හා බංගලාදේශය යන රටවල ගුවන් හමුදා එක්ව සිටිනවා. හදිසි අවස්ථාවවලදී විශේෂයෙන්ම මානුෂීය අවස්ථාවලදී සියලු පාර්ශවවල සහභාගීත්වය ඇතිව, සභාග ප්‍රතිචාර දැක්වීම් උදෙසා පැසිෆික් ඒන්ජල් තුළින් සිවිල් වැසියන් සහ හමුදාව අතර සහයෝගීතා මාදිලි ගොඩනැගෙනවා. ඒ සඳහා සන්නිවේදනය සහ සහයෝගීතව අත්‍යවශ්‍යයි. මේ වැඩසටහන් තුළින් ගොඩනැගෙන්නේ එයයි”
 
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ ශාන්තිකර ගුවන් බලකයේ මේජර් ජෙනරාල් ජේම්ස් ඕ. ඊෆර්ට් මෙසේ කීය.
 
“ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව මේ කටයුතු හොඳින් සංවිධානය කළා. අපේ සහයෝගීතාව හොඳින් සිදු කළා. හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමේ දී අපට සන්නිවේදන ජාලයක් තිබිය යුතුය. අපි නොදන්නා පිරිසකට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න අවබෝධ කරගෙන තිබිය යුතුයි. මෙවර වැඩසටහන් මාලාවේදී අපි බොහෝ දේවල් හුවමාරු කරගත්තා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මොනවාද කරන්නේ අපි ඉගෙන ගත්තා. අප කරන දේවල් ඔවුන් ඉගෙන ගත්තා. මෙය අපේ රටවල් දෙකටම ඉතා හොඳ අවස්ථාවක්.
 



අදහස් (0)

පැසිෆික් ඒන්ජල් වෙතින් සමාජ සත්කාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site