(විජේරත්න රත්නායක )
පස්සර , වැරැල්ලපතන වතුයායේ වතු කම්කරුවන් අද (23) උදෑසන සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මඩොල්සිම වැවිලි සමාගමට අයත් වැරැල්ලපතන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන නිළධාරීවරයා වතු කම්කරුවන්ට බැන වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පෑම නිසා වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම වැඩ වර්ජනය ආරම්භ කර , සේවයට වාර්තා කර සේවා කටයුතුවලින් බැහැරව සිටින බවද පැවසේ.
මෙම වතුයායේ මුළු කම්කරුවන් ප්‍රමාණය 422 ක් පමණ වන අතර මෙම වර්ජනයට 410 දෙනෙකු එක්ව සිටිති. පස්සර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd