(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පාසල් සිසුන් යොදා ගෙන විද්‍යුත් ක්‍රමයට මුදල් හුවමාරු ක්‍රමය යටතේ මුදල් ගෙවා හෙරොයින් මත්කුඩු ගෙන්වා ගැනීමේ ජාවාරමක නිරත වු බව කියන පුද්ගලයෙකු මාතර නූපේ ප්‍රදේශයේ දී සැක පිට අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
එම සැකකරු මාර්ගය අයිනේ රැදී සිටිමින් පාරේ යන පාසල් සිසුන්ගෙන් උදවු ඉල්ලන මුවාවෙන් මෙම ජාවාරම කර ගෙන ගොස් තිබේ.
සිසුන් මගින්ම මුදල් යවා කුඩු සගවා තබන තැනද ඔවුන් මගින්ම අසා ගෙන මෙම ජාවාරම සිදු කර ඇත.
ඒ ආකාරයට විද්‍යුත් ක්‍රමයට මුදල් ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වු මාතර නගරයේ පාසලක 16 හැවිරිදි සිසුවකු ද පොලීසිය භාරයට ගෙන තිබේ.
ඔහු නොදැනුවත්කම මත උදවුවක් කිරීමේ සද්භාවයෙන් ඒ සදහා ඉදිරිපත්ව තිබු නිසා එම සිසුවාට අවවාද කර දෙමාපියන් වෙත භාර දීමට පොලීසිය ක්‍රියා කළේය.
තවද ඒ ආකාරයට ගෙන්වා ගත් හෙරෝයින් මත්කුඩු මිලි ග්රෑම් 570 ක් අඩංගු පැකැට්ටුවක් ද සැකකරු සන්තකයේ තිබී පොලීසිය සොයා ගන්නා ලදි.
මෙවැනි සූක්ෂම ජාවාරම් වලට තවත් පාසල් සිසුන් ගොදුරු විය හැකි බැවින් තම දරුවන් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස පොලීසීය දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
මාතර වෙලේගොඩ පදිංචි 24 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.