IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පාසල් බස් රථයක් පෙරැළී සිසුහු 5ක් රෝහලේ

(කාංචන කුමාර ආරියදාස)

සීගිරිය සිට කැකිරාව ප්‍රදේශයේ පාසල්වලට  දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්  අද(11) උදේ දඹුල්ල රන්දෙනි වැව ඇළ මාර්ගයෙන් ඉවතට පෙරළීයාමෙන් සිසු සිසුවියන් පස්දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

මෙම බස් රථය ධාවනය වන විට බස් රථය තුල දරුවන් 70ක් පමණ සිටි බවත්, බස් රථයේ පෙරළී  අසළ තිබූ කොහොඹ ගහකට ඇලවී තිබීම නිසා මේ ආකාරයෙන් අනතුර අවම වී තිබෙන බව පොලීසිය කියයි.

බස් රථය ත්‍රිරෝද  රථයකට ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

එම ස්ථානයේ සිටි ජනතාව බස් රථයේ වීදුරු කඩා දරුවන් එළියට ගෙන තිබිණි.

බස් රථය ධාවනය කරන අවස්ථාවේදී එහි රියදුරු පමණක් සිටි බවත්  රියසහයක හෝ කාන්තාවක නොසිටි බව සිසු සිසුවියෝ පවසති.

බස් රථයේ රියදුරුද සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

පාසල් බස් රථයක් පෙරැළී සිසුහු 5ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site