ජුඩ් සමන්ත
වයස අවුරුදු 11 වන පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන 52 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - රාජකදළුව ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකි.
අතවරයට පත්ව ඇති දැරිවිය සැකකරුගේ නිවසට යාබද නිවසක පදිංචිව සිටින්නියකි. දැරිවියගේ පියා ඇයව ආරක්ෂිත හිස් වැසුමක් ඉල්ලා ගෙන ඒම සඳහා සැකකරුගේ නිවසට යවා ඇත.
එම අවස්ථාවේදී සැකකරු දැරිවියට අතරවරය සිදුකර මේ බව කිසිවෙකු හා නොපවසන බව දන්වා ඇයට රුපියල් 100 ක මුදලක්ද දී පිටත් කර යවා ඇත.
සති තුනකට පමණ පෙර තමන් මුහුණ දුන් සිද්ධිය දැරිවිය විසින් තම මව හා පවසා ඇත. ඒ අනුව දැරිවියගේ මව මේ බව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත.
එම පැමිණිල්ලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කර ඇත.
අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 21
174
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාසල් දැරියට අතවර කළ අයෙක් අත්අඩංගුවට