IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පසිදුගේ සුව දුක් බලන්න ඇමැති බන්ධුල යයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මාස ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නිවසට ගොස් සිටින පසිඳු හිරුෂාන් සිසුනාගේ තත්ත්වය සොයාබැලීම සඳහා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අද (16) එම සිසුවාගේ නිවසට ගියහ.

පසිඳු හිරුෂාන් සිසුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගැනීමටත්, ඔහුගේ සෞඛ්‍ය තත්වය යථා තත්වයට පත් කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති සියළු ප්‍රතිකාර සඳහාත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහයෝගය ලබා දෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

පසිඳු හිරුෂාන් සිසුවාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ සෑම දරුවකුටම බියෙන් හා සැකයෙන් තොරව අධ්‍යාපන කටයුතු සිදු කරගැනීමට හා හිංසනයට, අනතුරු වලට ලක්වීමෙන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවයි. 

විශ්ව විද්‍යාල පද්ධතිය තුළින් නවක වදය ඉවත් කිරීම සඳහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත්, නවක වදය නිසා පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට පත් කර ඇති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව නිසි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ නවක වදය හේතුවෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා ඉතිහාසයේ පළමුවරට විශ්‍රාම ලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කර ඇති බවයි.

අදාළ කොමිෂන් සභාව විසින් ඉදිරි මාස 03 ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරියේදී ගත යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නා බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තිය වන්නේ ද විශ්ව විද්‍යාල පද්ධතියෙන් නවක වදය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම බව කී ඇමතිවරයා එයට අදාල නීතිමය ප්‍රතිපාදන විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් වෙත පවරා දීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආදී විද්‍යාර්ථයින්ගේ සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ යන මහත්වරුන්ද අමාත්‍යවරයා

සමඟ පසිඳු හිරුෂාන් සිසුවාගේ වත්මන් තත්ත්වය සොයාබැලීමට ගොස් සිටියහ.

 



අදහස් (3)

පසිදුගේ සුව දුක් බලන්න ඇමැති බන්ධුල යයි

විජේ Tuesday, 16 June 2020 07:59 PM

ඡන්දෙන් පස්සෙත් මේවා මතක තියෙයිද?

:       0       7

karu Wednesday, 17 June 2020 06:03 AM

බන්දුල ගුණවර්ධනට ආචාර්ය පට්ටමක් ලැබුනේ කොහොමද.?

:       26       2

sanjaya Wednesday, 17 June 2020 07:58 AM

ලැජ්ජ නැතුව යනවා බලන්නත්. ටයරය ඔලුවට දැම්මේ තමාගේම කට්ටිය කියලා වහන්න තමා ඔය ගිහිල්ලා තියෙන්නේ. පසුගිය අවු 5හේම විශ්ව්විද්‍යාලය පාලනය කලේ ඔය ටයර් කට්ටිය තමා. දැන් පේනවා ඇති ඒවයේ විපාක.

:       17       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 329 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site