IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පාස්කු ප්‍රහාරය දා නිකවැරටියේ කලබල ඇති කළ අයෙක් අත්අඩංගුවට

(ප්‍රියානි මංගලිකා )

පාස්කු ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ,නිකවැරටිය නගරයේ කලහකාරී ලෙස හැසිරෙමින් නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පහර දුන් බවට වරෙන්තු හතක් ලැබ සිටි සැකකරුවෙකු මාස 11 කට පමණ පසුව අද (26 )  දින අත්අඩංගුවට ගත් බව  නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි.

නිකවැරටිය නගරයේ ව්‍යාපාරික ස්ථාන වලට පහර දුන් බව කියන සෙසු සැකකරුවන් සියලු.දෙනා අධිකරණයට ඉදිරිපත් වුවත්  ,මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් නොවී, ප්‍රදේශයෙන් පලාගොස්  සිටීම හේතුවෙන් නිකවැරටිය අධිකරණය මගින් සැකකරුට මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණි .

නිකවැරටිය ප්‍රදේශයේම පදිංචි සැකකරු  මාස 11 ක් පමණ මෙලෙස පොලීසිය මග හරිමින්  ප්‍රදේශයෙන්.පලා ගොස් සිට ඇති අතර රට තුල පවතින තත්වය හේතුවෙන් තම නිවසට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කලේය.

නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ  මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙයවීමෙන්  අත්අඩංගුවට ගැණීම සිදු කෙරිණි .



අදහස් (0)

පාස්කු ප්‍රහාරය දා නිකවැරටියේ කලබල ඇති කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 76 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site