(ප්‍රියන්ත ජයලත් )
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය මහ ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් අද (9) දා දහවල් හෝමාගම නගරයේදී පැවැත්විණි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉවත් කර අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ඇතැයි රජය මගින් ගැසට් කර ඇති බව පවසමින් ඊට එරෙහිව මෙම පෙළපාලිය සංවිධානය කර තිබිණි.
පැයක පමණ කාලයක් පැවැත්වූ මෙම විරෝධතාවයට ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලා සහ ශිෂ්‍යයන් 300 ට අධික පිරිසක් එක්ව සිටියහ.
විරෝධතාකරුවෝ හයිලෙවල් මාර්ගය ඔස්සේ හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පොළට පැමිණ ඒ ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණයේ නිරත වූහ.
මේ හේතුවන් කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද පැවැතිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd