(චන්ද්‍රසේන ගමගේ)
සූරියවැව පොලිස් ස්ථානයේ සිර මැදිරිය තුළදී අද (27) සිර කරුවන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් අනතුරුව එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
සූරියවැව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර අද (27) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකු එය විභාග කරමින් සිටියදී දෙපාර්ශ්වයේ දෙදෙනො පොලිස් නිලධාරියා ඉදිරිපිටදී ගැටුමකට මැදී වී ඇති බවට පොලිසිය කියයි.
අනතුරුව පොලිස් නිලධාරියා ගැටුමට මැදි වූ දෙදෙනො එකම සිර මැදිරියකට දමා ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරුව සිර මැදිරිය තුළදී මෙම දෙදෙනා අතර ගැටුමක් ඇති වී අතර එම ගැටුමෙන් එක් අයෙකු තුවාල ලබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd