(ආනන්ද ඉ. ජයකොඩි)
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකුට කෑම පාර්සලයක් සමඟ හෙරොයින් පැකට් එකක් ලබාදුන් බව කියන සැකකරුගේ බිරිඳ මේ මස 27 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල වැඩ බලන මහේස්ත‍්‍රාත් සිරිපාල එම්.පතිරණ මහතා අද (19) නියෝග කළේය.
මගලෙගොඩ ප්‍රදේශයේ පදිංචි පී.කේ.කාංචනා සඳමාලි නමැති කාන්තාවක් මෙසේ රිමාන්ඞ් කෙරිණි.
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගෙන වේයන්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටින සැකකාර සැමියාගේ බිරිඳ අද (19) පැමිණ කෑම පාර්සලයක් ලබා දීමෙන් අනතුරුව එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසකට සැකයක් මතුවී කෑම පාර්සලය පරීක්‍ෂා කිරීමේදී ඒ තුළ හෙරොයින් පැකට් එකක් තිබී හමු වී ඇත.
මේ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන අද (19) වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අවස්ථවේ එසේ රිමාන්ඞ් භාරයේ රඳවා තැබීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd