(හේමලතා ඞී හේවගේ)
පන්නල - හෙන්ඩියගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බෝ 12 ගිණි අවියක්, උණ්ඩ 07 ක් සහ හිස් පතොරම් 02 ක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව පන්නල පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරු හෙන්ඩියගල ප්‍රදදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු 34 හැවිරිදි අවිවාහක අයකු බවද පොලීසිය පවසයි. පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව අත් අඩංගුවට ගත් මෙම සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ දඩයමේ යෙදෙන්නෙකු බවට තොරතුරු අනාවරනය වී ඇති බවද පොලීසිය කියයි


COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.