IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොලොන්නරුව ලංගම බස් වර්ජනයක්

(ක.ගකරුණාරත්න)

ලංකා ගමනා ගමන මණ්ඩයට අයත් පොලොන්නරුව ඩිපෝවේ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් අද (17)  උදෑසන සිට බස් රථ ධාවන රාජකාරී කටයුතුවලින් ඉවත්ව වැඩ වර්ජනයක් ආරම්භ කර  තිබේ.

මේ හේතුවෙන් පොලොන්නරුව ලංගම ඩිපෝව මගින් කෙරෙන කෙටි හා දුර ගමන් සේවා සියල්ලක්ම ඇනහිට ඇත. පොලොන්නරුව ඩිපෝව සතුව ධාවනයට යොදවා තිබූ බස් රථ ගණන 130 ක පමණකි. 

පෙර දිනයේ (16) සවස පොලොන්නරුව කදුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම ලංගම සහ පෞද්ගලික බස් රථවල සේවකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සම්බන්‍ධයෙන් පොලොන්නරුව ලංගම ඩිපෝවේ ධාවන සහකාරවරයා  පොලොන්නරුව පොලාසිය මගින් අසාධාරණ ලෙස  අත්  අඩංගුවට ගෙන ඇතැයි වැඩ වැරුමට එක්ව සිටින සේවකයෝ කියා සිටිති.

එයට විරෝධය පළකිරීමක් ලෙස ආරම්භ කර ඇති මේ වැඩ වර්ජනය ධාවන සහකාර කළමනාකරු නිදහස් කරන තෙක් අඛණ්ඩව කරගෙනයාමට තරණය කර ඇතැයිද සේවකයෝ පවසති.



අදහස් (0)

පොලොන්නරුව ලංගම බස් වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site