(දයාරත්න ඇඹෝගම)
මොරගොඩ උනගොල්ලෑව අමුණට යන අතුරු මාර්ගයකදී පලතුරු වෙළෙන්දෙකුගෙන් රුපියල් 74,700ක මුදලක් පැහැර ගත් සැකකරුවන් දෙදෙනා අද(06) අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මොරගොඩ, මෙගොඩවැව පදිංචි 27 හා 38 වියේ පසුවන පුද්ගයන් දෙදෙනෙකි.
ගොමරන්කල්ල, ගලෙන්බිදුණුවැව පදිංචි නිහාල් සම්පත් රත්නායක නැමති පලතුරු වෙළෙන්දෙකු කොමඩු මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් දෙදෙනෙකුව ඊයේ(05) හේනකට කැටුව යන අතරතුරදී ඔවුන් මෙම පුද්ගලයා සතුව තිබූ රුපියල් 74,700ක මුදලක් පැහැර ගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා සමග පැහැර ගත් මුදලින් රුපියල් 30,000ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd