(ප්‍රියන්ත ජයලත්)
හෝමාගම , පිටිපන, මාහේනවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක පලංචියක් කඩා වැටී බරපතල තුවාල ලැබූ තිදෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
රෝහලට ඇතුළත් කිරිමෙන් පසු බරපතල තුවාල ලැබූ එක් කම්කරුවකු මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
එම කම්කරුවන් පිරිස එම ගොඩනැගිල්ලේ පස්වන මහලේ වැඩ කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇත.
පලංචිය මත තිබූ ඇතුරුම් ගල් තොගයක බරට එම පලංචිය කඩා වැටී ඇති බව පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd