IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පලාගල හොර බෙහෙත්හලක් වටලයි

(උපාලි ආනන්ද)

ඖෂධ නියාමන අධිකාරියේ බලපත‍්‍රය නොමැතිව නීති විරෝධී ලෙස පලාගල ආඩියාගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන ඖෂධහලක් වැටලූ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ශ‍්‍රිමාල් විතානාරචිචි මහතා පවසයි.

මෙම ඖෂධ හලේ ඖෂධ නිකුත් කරන ඖෂධවේදිණිය ලෙස සේවය කරන්නේ  එහි අයිතිකරුගේ බිරිඳ බවත් ඇයට ඖෂධ නිකුත් කිරීම සදහා කිසිදු සුදුසුකමක් නැති බවත් කළ විමර්ශණයේදී හෙළි වී තිබේ.

පුද්ගලික ඖෂධ අලෙවිසැලක ඖෂධ නිකුත් කිරීමට අදාළ පුද්ගලයා ඖෂධවේදියෙකු වීමත් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී තිබීමත් අනිවාර්ය වේ.

ඖෂධ හල පවත්වා ගෙන යාම සදහා නිකුත් කර ඇති  බලපත‍්‍රයේ බව කියන ජායා පිටපතක් පමණක් එහි අයිතිකරු පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කර ඇතත් එයද ව්‍යාජ එකක් බවට සැකයක් පවතින බව වාර්තා වේ.

තමා මෙම ඖෂධ හල පවත්වා ගෙන යන්නේ ගල්කිස්ස ප‍්‍රදේශයේ කාන්තාවකගෙන් මාසික කුලී පදනමට ලබා ගත් බලපත‍්‍රයක් මත බව එහි අයිතිකරු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට ප‍්‍රකාශ කළද එම බලපත‍්‍රයේ අයිතිකරු බව කියන ගල්කිස්ස ප‍්‍රදේශයේ කාන්තාව කවුරුන්ද යන්න නිශ්චිතව ප‍්‍රකාශ කිරිමට අයිතිකරු අසමත්ව ඇත.
 
මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට අපේක්ෂා කරන බව විතානාරච්චි මහතා පැවසීය.

විධිමත් බලපත‍්‍රයක් නොමැතිව සුදුසුකම්ද නොමැති කාන්තාවක යොදාගෙන මෙතෙක් කල් මෙම ඖෂධ හලෙන් නිකුත් කර ඇති ඖෂධ සම්බන්ධයෙන් ගැටළුවක් පැන නොනගින්නේදැයි විමසූ විට විතානාරච්චි මහතා පැවසුවේ දැනට නිකුත් කර ඇති ඖෂධ නියම ඒවාද යන්න ප‍්‍රබල සැකයක් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් මෙම ඖෂධ හලේ අයිතිකරුගෙන් කළ විමසීමකදී පැවසුවේ මේ මොහොතේ තමා අසරණ බවත් කීමට කිසිවක් නැති බවත් ය.



අදහස් (0)

පලාගල හොර බෙහෙත්හලක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site